අජිත්ලාල් ශාන්තඋදය
රත්නපුර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල අනවසර මත්පැන් ,මත්ද්‍රව්‍ය වලට නව යොවුන් තරුණයින් ඇබ්බැහි වීමේ ඉහළ ප්‍රවණතාවක් ඇති නිසා පොලීසිය මැදිහත්ව එම නිති විරෝධී මත්පැන් අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක සේනාරත්න මහතා අවධාරණය කරයි.
කලවාන මැතිවරණ කොට්ඨාසයේ පොතුපිටිය ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් විශාල ලෙස පැතිර ඇති බව ද මන්ත්‍රීවරයා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට ද මේදුන්නේය.
මේ අතර අයගම පොලිස් වසමේ වසර 40කට අධික කාලයක සිට ක්‍රියාත්මක වු රත්නපුර අයගම මැද – ගලතුර කඩමණ්ඩියේ පිහිටි රජයේ අවසර ලත් මත්පැන් අළවිසල වසා
දැනට මාසයකට වැඩි කාලයක සිට වසා දමා ඇති බව මහජනතාව කියති.
එම අවසරලත් මත් පැන් අළවිසල ආසන්නයේම නීති විරෝධී මත්පැන් (කසිප්පු) නිෂ්පාදනය කරණ සහ අළවිකරණ ස්ථාන 14ක් පවතින බව ප්‍රදේශයේ ජනතාව කියති. මත්පැන් අලෙවිසැලේ ආදායම අඩුවීම එය වසා දැමීමට හේතුව බව එහි සේවකයෝ කීහ.
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් පවසන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. බලපත්‍ර සහිත මත්පැන් හලෙන් ගමට කිසිදු ආදායමක් නොඑන බවත් සේවකයන් කිහිප දෙනෙකුට ලැබෙන වැටුප පමණක් ගමට එන බව ඔවුහු කීහ.
එහෙත් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේදී, සියලු අමුද්‍රව්‍ය, ගමෙන් ලබාගන්නා නිසා ඒ මුදල් ගමතුළ සැරිසරන බව කියති.
ඔවුන් මොනවා කීවද, මේ හේතුවෙන් ප්‍රදේශයේ සාමයට දැඩි බාධාවක් එල්ලවී ඇත. පවුල් ආරවුල්ද ඉහළ ගොසිනි. නිතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ සෞඛ්‍ය දැඩි ලෙස පිරිහී සෞඛ්‍ය ගැටළු මතුවෙමින් පවතී. ජාතින් අතර සමගිය ද බිඳවැටී ඇත. දරුවන්ට නිදහසේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ද උද්ගතව තිබේ.
රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා පැවසුවේ දිස්ත්‍රික්කය පුරා වර්ධනය වෙමින් පවතින නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ මත්පැන් අලෙවිය නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස පොලීසියට උපදෙස් දුන්නේ ය.
රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා පැවසුවේ වහාම ඒ සම්බන්ධයෙන් සොයා බව ඒවා මැඩලීමට පියවර ගන්නා බවයි.


ඡායාරූප කැප්සන්:
01- වසා ඇති බලපත්‍ර සහිත මත්පැන් අලෙවි සැල
02- මැදගලතුර සුලු නගරය