ලක්මිණි නදීෂා – කොළඹ
වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කර ගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාලව ඊයේ(14) අක්මීමන පොලිස් වසමේ කපුහේන්පොල ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකරර ඇත. එහිදී පිස්තෝල අවි 01 ක් සමඟ එම පතොරම් 69 ක්, රිවොල්වර අවි 02 ක්, පතොරම් අවි 02 ක්, රිපීටර් අවි 01 ක්, වායු රයිෆල් 01 ක්, බෝර 12 පතොරම් 50 ක්, උල් කඩු 04 ක් සහ උල් පිහි 02 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 73 ක් වන අක්මීමන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
