(අජිත්ලාල් ශාන්තඋදය,මොහොමඩ් ආසික්, ලක්මිණි නදීෂා)
අභාවප්‍රාප්ත සිනමා නිළි මාලනි ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව 26දා නිදහස් චතුරශ්‍රයේ දී සිදුකිරිමට රජය තීරණය කළ බව, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද ( 24) නිවේදනය කළේය.
අමාත්‍යවරයා අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර එතුමියගේ පවුලේ සමීපතම ඥාතීන් වෙත සිය ශෝකය පළ කිරීම සඳහා අද (24) එතුමියගේ මාදිවෙල පිහිටි නිවෙසට ගියේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද උපදෙස් සහිතව මෙම කටයුතු සිදුකරන බව ද හෙතෙම පැවසීය. ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි අගරැජිණිය වු මාලනී ෆොන්සේකා මහත්මියගේ අභාවය වෙනුවෙන් රජයේ ශෝකය පළකරන බව ද ඇගේ දේහයට ගෞරව දක්වමින් ඇමතිවරයා පැවසීය.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය 25දා උදෑසන රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මහජන ගෞරවය සදහා තැනපත් කරන බව ද හිනිදුම සුනිල් සෙනෙවි ඇමතිවරයා කීවේය. අවසන් කටයුතු 26දා සවස පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චත්‍රරශ්‍ර පරිශ්‍රයේදී සිදුකිරිමට කටයුතු කරන බවද හෙතෙම සදහන් කළේය.
