වවුනියාව මාධව කුලසූරිය.
මුලතිව්,මුරිප්පු ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීමක් හේතුවෙන් ගින්නට හසුව තුවාල ලැබු පුද්ගලයෙකු ඊයේ(15) යාපනය රෝහලේ ප්‍රතිකාර අතුරතුර ජිවිතක්ෂයට පත්ව ඇති බව මුල්ලියාවලෙයි පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ පසුගිය 13 වැනිදා රාත්‍රියේ නාඳුනන පිරිසක් විසින් මුරිප්පු ප්‍රදේශයේ නිවසකට ගිනි තබා ඇති අතර,අදාල අවස්ථාවේ නිවස තුළ සිටි පුද්ගලයෙකු ගින්නට හසුව තුවාල ලබා තිබු බවයි.
ගින්නට හසුව තුවාල ලැබු මුලතිව් මුරිප්පු ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෝහන් ගෝකුලන් නමැති පුද්ගලයෙකු යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවස්.
නිවසට ගිනි තැබුවේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

