රංජන් මඩගම්මන
සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සැලසුම් කර ඇති නීරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් උදෙසා වූ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාකාරී වැඩසටහන අද (11) රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබීය.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් රජයේ පාසල්වලට යෝග්‍ය පරිදි සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමට ද උපදෙස් නිකුත් කර ඇත.
ඒ අනුව පාසල් පද්ධතියේ භෞතික පරිසරය, සිසුන්ගේ කායික සෞඛ්‍ය සහ සමාජීය යහපැවැත්ම සාක්ෂාත් කිරීම මෙහි අරමුණයි.
මේ යටතේ පෝෂණය හා සෞඛ්‍ය සම්පන්න ආහාර, ශාරීරික ක්‍රියාකාරකම් සහ ක්‍රියාශීලී ජීවන රටාව, මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම, දුම්කොළ, මධ්‍යසාර සහ මත්ද්‍රව්‍යවලින් තොර පරිසරයක්, ආරක්ෂිත පරිසරය, සනීපාරක්ෂාව සහ බෝවන රෝග වැළැක්වීම, පාරසරික සෞඛ්‍ය සහ තිරසාර භාවය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය, ප්‍රජා සහ දෙමාපිය සහභාගිත්වය, ජීවන කුසලතා වර්ධනය, රෝග සහ තුවාල අවදානම අඩු වීම, වැඩසටහන් නිරීක්ෂණය, ඇගයීම සහ වැඩිදියුණු කිරීම යන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ. සුනීතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් චාමර බමුණුආරච්චි, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ, සැලසුම් අධ්‍යක්ෂ නෙවිල් කුමාරගේ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් වසන්ත යන මහත්ම මහත්මීන් ද, වෛද්‍යවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

