නිරිත දිග මෝසම තවදුරටත් සක්‍රීයයි

(චම්පිකා මුතුකුඩ)

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල ,මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද සිය කාලගුණ වාර්තාව මගින් නිවේදනය කරයි.

 

බස්නාහිර, සබරගමුව සහ  වයඹ  පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ  

 

සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

 

උතුරු-මැද පළාතේත් මන්නාරම,  හම්බන්තොට සහ  මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය  හැක.

 

 

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ  වයඹ පළාත්වලත්  හම්බන්තොට, සහ  ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට   පැ.කි.මී. (4050) ක පමණ තද සුළං ඇතිවිය  හැක.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *