පෙබරවාරි 4 වනදාට යෙදී ඇති 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු ජනවාරි 29,30,31 පෙබරවාරි 1′,2 යන දිනයන්හි පැවැත්වේ.
නිදහස් දින සැමරුම් උත්සව දිනයේ කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම්, මාර්ග වසා තැබීම් හා විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව නිදහස් සමරු උත්සවයේ පෙරහුරු පුහුණුවීම් කටයුතු ඉහත සඳහන් කරන ලද දිනයන්හි පාසැල් පැමිණෙන ළමුන්ට බාධාවක් සිදුනොවන අයුරින් පෙරවරු 08.00 සිට රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය දැනුම් දෙයි.
77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයකි මේ.
එල්. නදීෂා – කොළඹ