නාඋල – ඉන්දික අරුණ කුමාර

2024 වර්ෂයේ පැවැත් වූ සිංහල භාශා හා සාහිත්‍යය තරගාවලියේ ජාතික හා සමස්ථලංකා ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල නාලන්ද මහා විද්‍යාලය සමත් වෙයි.
පාසල් කාණ්ඩ වශයෙන් පැවති මෙම තරගාවලිය සදහා දිවයිනේ පාසල් වල 501 ට වැඩි පාසල් කාණ්ඩ යටතේ කෙටි නාට්‍ය පිටපත් තරග අංශයෙන් ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානය සහ සමස්ථලංකා ප්‍රථම ස්ථාන නාලන්ද මහ විද්‍යාලයට හිමිව තිබේ.එහිදී එච්.එම්.ඩබ්.ජී.එස්.එන්.හේරත් ශිෂ්‍යාවද පද්‍ය ගායනා තරග අංශයෙන් ජාතික මට්ටමෙන් දෙවන ස්ථානයේ ඩබ්. පී.එම්. ජයසේකර ශිෂ්‍යාවද ජයග්‍රහණ හිමි කරගෙන සිටිති.
එමෙන්ම ගේය පද රචනා තරග අංශයෙන් සමස්ථලංකා දෙවන ස්ථානය ඊ.එම්.ටී.ජී.ඩී.එන්.තෙන්නකෝන් ශිෂ්‍යාව ලබාගත් අතර එහි කුසලතා අටවන ස්ථානය එච්.එම්.ඩබ්.ජී.එස්.එන්.හේරත් ශිෂ්‍යාවට හිමි වී තිබේ.
කෙටි නාට්‍ය පිටපත් තරග අංශයෙන් සමස්ථලංකා තෙවන ස්ථානය ඩී.එම්.එස්.පී.දිසානායක ශිෂ්‍යාව දිනා ගන්නා ලදී.
මෙම ජයග්‍රහණ සදහා නාඋල අධ්‍යාපන කලාපයේ සිංහල විෂය සම්පත්දායිකා ජේ.පී.ඩි.එස්. මල්කාන්ති,සිංහල අංශයේ එම්.එම්.ටී.ඩි. මුදල් නායක , එම්.එම්.එම්.ජී දසනායක බණ්ඩාර, බී.ගී.එම්.කේ. මාලියද්ද, ඩී,එම්.එන්.එස්.සුභසිංහ, නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන් වන ගාමිණී සිරිවර්ධන එම්.ජී.සී. කුමාර යන මහත්ම මහත්මීන් සහ නාලන්ද විදුහලේ විදුහල්පති ආර්.ජී.ආර්.එල්.රාජමන්ත්රී මහතාගේද සහාය ලැබී තිබේ.

ජයග්‍රහණ ලැබු නාලන්ද විදුහලේ දු දරුවන් සමග විදුහල්පතිතුමන් සහ ආචාර්ය මණ්ඩලය.