රංජන් මඩගම්මන-
2025 පළාත් පාලන මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් 2900 ක් අතරින් නාමයෝජනා 425ක් ප්‍රතික්ෂේප වී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
එය ඉතා බරපතල තත්ත්වයකි.එසේ වීමට හේතුව වන්නේ ක්‍රමවේදවල පවතින සංකීර්ණත්වය නිසා බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා තවදුරටත් පැවසීය.
2023 වසරේ මාර්තු 09 දින පැවැත්වීමට අදාළ නාම යෝජනා කැඳවූ අවස්ථාවේදී නාමයෝජනා 162 ක් ප්‍රතික්ෂේප වීමසිදුවිය.මැතිවරණ ඉතිහාසයේ එකවර නාම යෝජනා 425 ක් වැනි විශාල ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇත්තේ 2025 මැයි 06 පැවැත්වීමට නියමිත මැතිවරණයට නාම යෝජනා කැඳවූ අවස්ථාවේදීය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්ත ශ්‍රී රත්නායක මහතා මේ පිළිබඳව පැවසුවේ නාමයෝජනා සැකසීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක සපුරාලීමට අසමත් වීමෙන් නාමයෝජනා මණ්ඩල සමාලෝචන ක්‍රියාවලිය මගින් මෙම ප්‍රතික්ෂේප කිරීම සිදුවී ඇති බවය.

