නාමල් කුමාරගේ සහ අසේල නුවන් රක්ෂිත බන්ධනාගාරයට

විමුක්ති එස් රුද්‍රිගු

කොළඹ අතිඋතුම් කාදිනල් මැල්කම්  රංජිත් හිමිපාණන්ට අවමානයක් වන පරිද්දෙන් හා කතෝලික ජනතාව කැළඹෙන ආකාරයේ ප්‍රකාශ කළා යැයි චෝදනා එල්ල වී තිබෙන නාමල් කුමාරගේ සහ අසේල නුවන් යන චූදිතයන් එළැඹෙන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද(11) නියෝග කළාය.

සිදුවීමට අදාළ නඩුකරය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ පොලිස් පරීක්ෂක මුදිත දල්පදාතු මහතා විසින් ලිඛිත දේශන දෙකක් අධිකරණය හමුවේ ගොනු කරන ලදී.

මුදිත දල්පදාතු මහතා අධිකරණය හමුවේ ලිඛිත දේශන ගොනු කරමින් ප්‍රකාශ කර සිටියේ නඩුව වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමක් අවශ්‍ය බවට දන්වමින් සිදුවීමට අදාළ ලිපි ගොනු සියල්ල එම දෙපාර්තමේන්තුවට යැවීමට කටයුතු කළ බවත්, අධිනීතීඥ ශක්ති ජාගොඩආරච්චි මහතාගේ අවධානය මෙම නඩුකරය සම්බන්ධයෙන් යොමු වී ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ අපරාධ කොට්ඨාශයට දන්වා එවා ඇති බවත්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *