නාඋල – නාලන්ද අමුණ ආසන්නයෙන් අත් බෝම්බයක් හමුවෙයි.

නාඋල – ඉන්දික අරුණ  කුමාර

මහනුවර – යාපනය ඒ නවය මාර්ගයේ සිට කිලෝමීටර් භාගයක් පමණ දුරින් නාලන්ද ප්‍රදේශයේ දී හමුවන ජල අමුණක් ආසන්නයේ දී ඊයේ (05) අත් බෝම්බයක් හමුවී ඇතැයි පොලිසිය කියයි.

ලද බුද්ධි තොරතුරකට අනුව මෙම අත්බෝම්බය සොයාගෙන ඇති අතර, මේ වන විට එම ස්ථානයට නාඋල පොලිසියේ ආරක්ෂාව යොදා ඇත.

ජලය කාන්දු නොවන ලෙස පොලිතින් වල අසුරා මෙම අත්බෝම්බය සඟවා ඇති අතර කිසියම් අපරාධයක් සිදුකිරිම සඳහා මෙය සඟවා තැබුවේද යන්න සම්බන්ධයෙන් නාඋල පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය කියා සිටියේ අදාල බෝම්බය අධිකරණ නියෝග යටතේ විශේෂ කාර්ය බලකා නිලධාරින් මගින් නිෂ්ක්‍රීය කිරිමට නියමිත බවයි.

බෝම්බය හමුවු ශ්‍රී නාලන්දාරාම විහාරස්ථානය පසුකර අමුණ දෙසට ගමන් කරද්දි කුඩා වන ලැහැබ  ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අයුරුද දක්නට ලැබිණි.

නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් පරිදි  ප්‍රධාන පොලිස් පරික්ෂක දීපාල් කුමාර මහතා ඇතුළු නාඋල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් අදාල සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති.

අත් බෝම්බය හමුවු නාලන්ද ප්‍රදේශය

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *