බුද්ධික වීරසිංහ
කතෝලික බැතිමතුන්ට සුභාරංචියක් සපයමින් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ චිමිනියෙන් සුදු දුමාරයක් නිකුත් වී තිබේ.
සුදු දුමාරයක් නිකුත් වීමෙන් සංකේතවත් වනුයේ නව පාප්වරයෙකු පත්කරගැනීමට හැකිව ඇති බවයි.
නව පාප්වරයා සුළු මොහොතකට පෙර සම්ප්‍රදායානුකූලව ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේ සඳළුතලයට පැමිණ ජනතාව හමුවේ පෙනී සිට තිබේ.
නව පාප්වරයා තේරීමේ ඡන්ද විමසීමේ ප්‍රතිඵලය දැන ගැනීමට දස දහස් ගණනක් ජනතාව ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානය ආසන්නයේ එක්රොක්ව සිටි බව සඳහන් වේ.
නව ශුද්ධෝත්තම පාප් වහන්සේ ලෙස පත්ව ඇත්තේ 69 හැවිරිදි රොබට් ප්‍රොවෙසට්( Robert Provost ) කාදිනල් තුමාය. එතුමන් 14 වන ලියෝ පාප් වහන්සේ ලෙස හඳුන්වනු ඇත.. ඇමරිකානු එක්සත් ජනපදයේ ප්‍රථම පාප්පරයා වන්නේද එතුමන්ය. එතුමන්ට Truthlk අපේ සුභපැතුම්..!!!




