නව රජයේ ප්‍රතිපත්තිය වනුයේ ජාතීන් අතර සහයෝගීතාවය, ඒකාබද්ධතාවය සහ සමානාත්මතාවය සාක්ෂාත් කිරීම…        සබරගමු පළාත් ආණ්ඩුකාර—

ඇහැලියගොඩ – රංජන් මඩගම්මන 

නව රජයේ ප්‍රතිපත්තිය වනුයේ ජාතීන් අතර සහයෝගීතාවය, ඒකාබද්ධතාවය සහ සමානාත්මතාවය සාක්ෂාත් කිරීම යැයි සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (14) සඳහන් කළාය. 

සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය මේ බව සදහන් කළේ මෙදින (14) රත්නපුර කහංගම රජයේ බෞද්ධ විද්‍යාලයේ පැවති වාර්ෂික තෛපොංගල් උත්සවයට එක් වෙමිණි. 

මෙහිදී වැඩිදුරටත් සබරගමු පළාත් ආණ්ඩුකාරතුමිය මෙසේ ද පැවසීය.

මෙම තෛපොංගල් උත්සවයට සහභාගි වන අයට මෙම විද්‍යාලය සිංහල බෞද්ධ විද්‍යාලයක් නොව ද්‍රවිඩ සංස්කෘතිය පිරුණු විද්‍යාලයක් ලෙස පෙනී යනවා.

සැරසිලි, කෝලං, රූ රටා, නැටුම්, ගැයුම්, වැයුම් පමණක් නොවෙයි, ඇදුම් පැලදුම් ද එම විචිත්‍ර සංස්කෘතිය මනාව පිළිබිඹු කරනවා. 

තෛපොංගල් උත්සවය ඉන්දියාවේ දින හතරක් පුරා සමරනවා.

ඒ බෝගි, සූර්ය, මාට්ටු, තෛපොංගල් ලෙසයි.

මිනිසා සතුව ඇති අනවශ්‍ය භෞතික හා අභෞතික දෑ ඉවත් කර පවිත්‍ර මනසක් හා වටපිටාවක් ගොඩ නැගීම තෛපොංගල් වල පරමාර්ථයක්. 

තම දිවිපැවැත්ම රැක ගැනීම උදෙසා උදව් කල සියළු දෙනාට කෘතගුණ සැලකීම තෛපොංගල් තුළින් අපේක්ෂා කරනවා. 

සතාට, සූර්‍යයාට, වර්ෂාවට, ගහට, කොලට කෘතගුණ සැලකීමත් ඊට එක් කර තිබෙනවා.

කෘතගුණ සැලකීමට බෞද්ධ සමාජයේත් විශාල ඉඩක් වෙන් කර තිබෙනවා. 

සමාජයීය සාරධර්ම සහ පරිසරාත්මක වෙනස්කම් තෛපොංගල් තුළින් සමාජය වෙත මුදා හරිනවා. 

රජයේ Clean Sri Lanka වැඩසටහනේ පරමාර්ථයත්, තෛපොංගල්වල පරමාර්ථය හා සමානකමක් පෙන්නුම් කරනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *