නව මුඛ පිළිකා රෝගීන් වසරකට තුන්දාහක් .

අජිත්ලාල් ශාන්තඋදය

වාර්ෂිකව මෙරටින් නව මුඛ පිළිකා රෝගීන් 2,000ත් 3,000ත් අතර සංඛ්‍යාවක් හඳුනාගන්නා බව මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේය.

මෙරට පුද්ගලයින් තිදෙනෙකු හෝ සිව්දෙනෙකු  මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා අවධාරණය කළේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පැවසුවේ මෙරට පාසල් ළමයින් අතර ද පූර්ව මුඛ පිළිකා ලක්ෂණ වැඩිපුර දක්නට ලැබෙන බවයි.

මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩිහිටියන් මෙන්ම ළමා පරපුර ද වැඩි අවධානයක් යොමු නොකිරීම, ආහාර ගැනීමෙන් පසු ඉතිරිවන කොටස් දත් අතර පැය ගණන් රැදීම, වැරදි මුඛ පිරිසිදු කිරීමේ ක්‍රම භාවිතය මුඛ, බුලත්විට සැපීම, වැනි හේතූන් මුඛ පිළිකා කෙරෙහි ඝෘජු බලපෑම් ඇතිකරන බවද මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා එම සාකච්ඡාවේදි පෙන්වා දුන්නේ ය.

22-06/07 මුඛ පිළිකා

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *