නව  තානාපතිවරු හත්දෙනෙක් ජනපති මුණගැසෙති.

ශ්‍රී ලංකාවේ අලුතින් පත් වී සිටින තානාපතිවරුන් හත් දෙනෙක් අද ( 2025/05/15) ජනපති කාර්යාලයේදී   ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතා වෙත සිය අක්තපත්‍ර බාර දී තිබේ.

ඒ අනුව ආජන්ටිනා ජනරජය,සිම්බාබ්වේ ජනරජය,ඊශ්‍රායලය,පිලිපීන ජනරජය,ටජිකිස්තාන ජනරජය,කාම්බෝජ ජනරජය හා ඩෙන්මාර්ක් රාජධානිය වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරුන් පත් කර ඇත.

මරියානෝ අගුස්ටින් කව්චිනෝ ( Mr.mariano agustin caucin ) නවදිල්ලියේ වාසික ආජන්ටිනා ජනරජයේ තානාපති ලෙසද,ස්ටෙලා න්කකෝ (Ms. stella nkoko) නවදිල්ලියේ වාසික සිම්බාබ්වේ ජනරජයේ තානාපති ලෙසද,රූවෙන් හවීයර් අසාර්(Mr. reuven javier azar) නවදිල්ලියේ වාසික ඊශ්‍රායලයේ තානාපති ලෙසද,නිනා පී.කයින්ග්ලට්(Ms. Nina P. Cainglet) ධකාහි වාසික පිලිපීන ජනරජයේ තානාපති ලෙසද පත්කර තිබේ.

තවද ලුක්මොන් බොබොකලොන්සෝඩා (Mr. lukmon bobokalonzoda) නවදිල්ලියේ වාසික ටජිකිස්තාන ජනරජයේ තානාපති , රත් මැනි (Ms.Rath Many) නවදිල්ලියේ වාසික කාම්බෝජ ජනරජයේ තානාපති හා රස්මස් ක්‍රිස්ටෙන්සන් (Mr. Rasmus Kristensen) නවදිල්ලියේ වාසික ඩෙන්මාර්ක් රාජධානියේ තානාපති ලෙසද පත්ව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *