නවක වදයට එරෙහිවූ සිසුවාට පහර දීලා

තරංග ගුණරත්න

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක වදයට එරෙහි වූ ශිෂ්‍යයෙකු පහර කෑමට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබයි .

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වන වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු විශ්ව විද්‍යාලය තුළ නවක වදයට එරෙහි ව කටයුතු කිරීම මෙම පහරදීමට මූලික හේතු වී තිබූ බව සඳහන් වේ.

කාඩ් පතක් නොමැතිව විශ්වවිද්‍යාලය තුළ රැඳී සිටීමට නොහැකි බව කියනු ලබන සිද්ධියක් බහින් බස්වීමක් දක්වා දුරදිග යෑමක් සහ විශ්වවිද්‍යාලය තුළ නවක වදයට එරෙහි වීම යන කරුණු පදනම් කරගෙන එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වෙනි වසර සහ හතරවන වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයන් විස්සක් පමණ යුත් කණ්ඩායමක් විසින් ශිෂ්‍යයා නවාතැන් ගෙන සිටි බව කියන හෝමාගම පිටිපන ඉස්කෝල හන්දිය ප්‍රදේශයේ නවාතැන් පොළට පැමිණ ඉකුත් 29 දින දිවා කාලයේදී පහර දුන් බව එම ශිෂ්‍යයා පවසයි.

පහර කෑමට ලක් වූ එම ශිෂ්‍යයා ඔහුගේ මිතුරන් පිරිසක් විසින් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි.
එහිදී ප්‍රතිකාර ගැනීමෙන් පසු ඔහු වැලිගම  ප්‍රදේශයේ නිවසට පැමිණ සිටි අතර එහිදී නැවත් එම ශිෂ්‍යයාට හිසරදය සහ ක්ලාන්ත ගතිය ඇතිවීම හේතුවෙන් නැවත් වැලිගම  වලාන රජයේ රෝහලට ඇතුලත් කොට තිබේ.
එ අනුව එම ශිෂ්‍යයා නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *