නවක මන්ත්‍රී විදුලිසර වැදී මිය යයි.

අලුතින්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් පුද්ගලයෙකුවේ ඊට පසු දින අවාසනාවන්ත ලෙස මිය යාමේ සිද්ධියක් කලවාන ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ මුහුණපා ඇත්තේ කලවාන දෙල්ගොඩ පුබුදුගම ප්‍රදේශයේ පදිංචි සුජීව පුෂ්පකුමාර නැමැති පුද්ගලයෙකි.

සුජීව සර්ව ජන බලය පක්ෂයෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග වැද ඉන් ජයග්‍රහණය කළේය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස දිවුරුන් දුන්  දිනට පසු දින සිය රැකියාවේ යෙදෙමින් සිටියදී විදුලිසර වැදීමෙන් ඔහු මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපා තිබේ.

කොන්ත්‍රාත් පදනම මත ගස්වල අතු ඉවත් කිරීමේ රැකියාවක නිරතව සිටි සුජීව පුෂ්ප කුමාර මහතා  කලවාන දෙල්ගොඩ කොළණිය ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැනක් ආසන්නයේ පිහිටි ගසක අත්තක් ඉවත් කිරිමට ගිය අවස්ථාවේදී ඔහුට විදුලිසර වැදී ඇති බව කියැවේ.

විදුලි සැර වැදීමෙන් අනතුරුව පුෂ්ප කුමාර මහතා කලවාන මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්වීී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *