නයාරු මුහුදේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනෙකු දියේ ගිලී ජිවිතක්ෂයට.

වවුනියාව මාධව කුලසූරිය.

මුලතිව්,නයාරු මුහුදු සීමාවේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ඊයේ(31) සවස ජීවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව්,කෝකිලායි පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ මුලතිව් ප්‍රදේශයේ මැහුම් පාඨමාලාවක් හදාරණ තරුණියන් පිරිසක් සිය ගුරුවරිය සමඟ මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ එලෙස දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මුලතිව්,වල්ලිපුනම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක් හා 20 ක් වයසැති තරුණියන් දෙදෙනෙකු බවද පොලිසිය පැවසීය.

කෝකිලායි පොලිසිය  වැඩිදුරටත් සඳහන් කළේ දියේ ගිලීමෙන් බේරාගත් වයස අවුරුදු 20 ක් වන තවත් තරුණියක් ප්‍රතිකාර වෙනුවෙන් මුලතිව් රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇති බවයි.

දිය නාමින් සිටියදී අදාළ තරුණියන් දිය වැළකට හසුව දියේ ගසාගෙන යාමෙන් දියේ ගිලෙන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.

මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා මියගිය තරුණියන්ගේ දේහයන් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ඊයේ(31) සවස එක්විණ.

සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(සිදුවීම වු ස්ථානය හා මුලතිව් මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂාවට පැමිණි අයුරු ජායාරූප එවා ඇත.)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *