ධීවරයන් තිස් අටක්  අත් අඩංගුවට

(ලක්මිණි නදීෂා )

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 38 දෙනෙකු නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඒ අප්‍රේල් මස 21 වනදා සිට 28 වනදා දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදීය. 

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව කඩෙයිකාඩු, පුදුමාතලන්, ත්‍රීකුණාමලය, කෝකිලායි, ‍චැපල් දුපත සහ බැක් බේ වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදුකළ මෙහෙයුම් වලදී මෙම සැකකරුවන් සිය භාරයට ගෙන ඇත.

මෙම ධීවරයින් විදුලි ආලෝකය භාවිතයෙන් සහ නීති විරෝධි දැල් භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකර තිබේ.

වෙත්තලකේණි නාවික ස්ථානගත කිරීම, ශ්‍රි ලංකා නාවික නෞකා ගෝඨාභය, පැරකුම්බා, විජයබා, නාවික තටාකාංගනය යන ආයතන ධිවර පරීක්‍ෂක කාර්යාලයන්ගේද සහය ඇතිව මෙම මෙහෙයුම් සිදුකර ඇත.

සැකකරුවන් 38 දෙනා සමඟ නීති විරෝධී දැල් 08ක්, ඩිංගි යාත්‍රා12ක් සහ විදුලි ආලෝක ධාරා උපකරණ නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

තවද, නීතියේ රැහැනට හසුකරගත් සැකකරුවන්, ධීවර යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මුලතිව්, කින්නියා, ත්‍රීකුණාමලය සහ කෝඩ් බේ යන ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *