වවුනියාව මාධව කුලසූරිය.
පවුල් ආරවුලක් විසදා දෙන ලෙසට කිලිනොච්චිය,ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත අල්ලස් මුදලක් ලබාදීමට උත්සහ කළ අයෙක් ඊයේ(30) අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ ලන්ඩන් සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගේ පවුල් ආරවුලක් විසඳාදෙන ලෙසට ඉල්ලීම් කරමින් ධර්මපුරම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩි.එම්.චතුරංග මහතා වෙත රුපියල් 50,000 ක මුදලක් අල්ලස් ලෙසට ලබාදීමට උත්සහ කොට තිබු බවයි.
අදාළ අවස්ථාවේදී පොලිස් නිළධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර,අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
