මොහොමඩ් ආසික්

මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද දේශීය කුළුබඩු භාවිතය ජනතාව අතර ප්‍රචලිත කිරීම හා කුළුබඩු ආශ්‍රිත කුඩා සහ සුළු පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම වෙනුවෙන් වූ ස්පයිසී ගැලරී -2025 (Spicy Gallery 2025) වෙළෙද ප්‍රදර්ශනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) (29) දින ආරම්භ විය.
මෙම වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
මෙහිදී කුළුබඩු, කුළුබඩු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන , නව නිෂ්පාදන හා විදේශීය වෙළදපොළ ඉලක්කව සිදුකරනු ලබන ව්‍යාවසායකයින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය සහ අලෙවිය සදහා පහසුකම් සලසා දී තිබිණී. මෙම අලෙවි ප්‍රදර්ශනය මාර්තු මස 31 වන දා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වේ.මෙම වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාතේ පාසැල් අතර කුළුබඩු උපයෝගී ගෙන සිදු කරනු ලැබූ ඉවුම් පිහුම් තරඟයක් පැවැති අතර එම තරඟාවගියේ පළමු වන ස්ථානය ලකුණු 255 ක් ලබා ගනිමින් මහනුවර උසස් බාලිකා විදුහලත් දෙවැනි ස්ථානය ලකුණු 252 ක් හිමි කර ගත් මාතලේ බුද්ධඝෝෂ මහා විද්‍යාලයත් තෙවන ස්ථානය ලකුණු 246 ක් හිමි කර ගත් මහනුවර ස්වර්ණමාලි බාලිකා මහා විද්‍යාලයත් හිමි කර ගෙන තිබේ.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යයංශයේ ලේකම් මධුපානී පියසේන, මධ්‍යම පළාත් ප්‍රධාන පළාත් කර්මාන්ත අමාත්‍යංශය ලේකම් චරිතා ඉලංගකෝන්, කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයශ්‍රීනී අමරකෝන්, මහනුවර හෝටල් පාසලේ විධායක අධ්‍යක්ෂ දුලේන්ද්‍ර හේරත් යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරින් පිරිසක් එක් වුහ.





