දේශබන්දු ධුරයෙන් නෙරපීමේ යෝජනාව අටවෙනිදා පාර්ලිමේන්තුවට

යසංග මහවිතාන

පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව, සම්මත කිරීම සඳහා අප්‍රේල් 08 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය වී තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය කරන ලද බැව් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය.

දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

අදාළ යෝජනාව අප්‍රේල් 08 වන දින සවස 5.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *