දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව නඩු දෙකක් දහවෙනිදා නැවත කැඳවේ

(වැලිගම  තරංග) 

වැලිගම w-15 හෝටලයේ වෙඩි තැබිමේ සිදුවිමට අදාළව මාතර අධිකරණයේ විභාග වන නඩුවට පෙනි සිටිම සඳහා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (22 ) දින   මාතර අධිකරණයට පැමිණ සිටි අතර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක ⁣⁣සොලිස්ටර් ජෙනරාල් යොහාන් අබෙිවික්‍රම මහතා පෙනි සිටි අතර දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුලු අනෙකුත් සැකකරුවන් වෙනුවෙන් එස්.රත්නායක මහතා ඇතුලු කණ්ඩායම පෙනි සිටියහ.

අතිරේක ⁣⁣සොලිස්ටර් ජෙනරාල් යොහාන් අබෙිවික්‍රම මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුවට අදාල වැඩිදුර විමර්ශණ තවදුරටත් සිදු කරමින් පවතින බවයි.ගාල්ල ,මාතර බාර  ⁣ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ දුරකථනය අපරාධ විමර්ශන අංශයේ බාරයට ගෙන මේ වන විට රස පරික්ෂක⁣ දෙපාර්තමේන්තුව වෙත යවා ඇති බවත් එහි වාර්තා තවම පැමිණ නොමැති බවත් හෙතෙම අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙම නඩුවේ එක් සැකකරුවෙකු විදේශ ගතව සිටින බැවින් පසුගිය නඩු වාරයේදි ඔහුට වරෙන්තු නිකුත් කොට තිබුණි ඔහු වෙනුවෙන් නිතිඥයකු අද දින පෙනී සිටිම අධිකරණය තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට දැඩි බාධාවක් බව පවසමින් ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා සිය විරෝධය දැක්විය.

තෙන්නකොන් මහතා වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් කියා සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශන වලට තම සේවාදායක කිසිදු බලපැමක් සිදු නොකරනා බවයි.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් මෙම නඩුව 10 වන මස 10 වනි දින උදේ 10 ට නැවත කැඳවිමට තීරණය කරන ලදි.

මෙයට සමගාමීව තෙන්නකොන් මහතා ඇප ලැබ  අධිකරණයෙන් බැහැරව යාමේදි මෝටර් රථයක් අධිකරණ භුමියට රැගෙන විත් එහි නැග පිටව යාමේ සිදුවිමට අදාළව අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව යටතේ පවතින නඩුවද කැදවිණි. එහි ප්‍රගතිය ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ නිතිපති දෙපාර්තමේන්තුවෙන් මෙම කරුණට අදාලව මේ වන විට අභියාචනාධිකරණයේ නඩු පැවැරිමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනා බවයි.

එම නඩුවද  10 මස 10 වන දින උදේ 10 ට නැවත කැදවිමට නියමිතය.

  ⁣ 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *