තරංග ගුණරත්න
හිටපු පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතාට අදාල නඩුව අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගන්නා ලදී. එහිදී මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා හිටපු පොලිස්පතිවරයාට ඇප ලබාදිමට නියෝග කළේය.
දේශබන්දු මහතාට ඇප ලබා දීමට තීරණය වුණේ කොන්දේසි කිහිපයක් දේශබන්දු ලක්ෂ දහය බැගින් වූ ඇප දෙකක් මත හිටපු මුදා හරින ලදී.දේශබන්දු මහතා වෙනුවෙන් ඉදිරිපත් කරන ඇපකරුවන් ග්‍රාම නිලධාරී මගින් ඔවුන්ගේ පදිංචිය සනාථ කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා විසින් වැඩිදුරටත් නියෝග කෙරිණි.චූදිතයාගේ විදේශ ගමන් අත්හිටුවා ඇති බැවින් විදේශගතවීමට අවශ්‍ය නම් අධිකරණයෙන් අවසර ලබා ගත යුතු බවද මහේස්ත්‍රාත්වරයා විශේෂයෙන් නියෝග කළේයමංගලනාත් විමර්ශන කටයුතුවලදී සැකකරු විසින් සාක්ෂිකරුවන්ට යම් බලපෑමක් අගතියක් අකටයුත්තක් සිදු කළහොත් වහාම දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බවද ද මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අවධාරණය කළේය
ඇප නියම වූ හිටපු පොලිස්පතිවරයාට අධිකරණ භූමියෙන් පිටව යෑමේදී විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර්ජනරාල් දිලීප පීරිස් මහතා සැකකරු මෙම අධිකරණට පැමිණි ආකාරයත් දින 20ක් සැඟවී සිටි ආකාරයත් පිළිබඳව ප්‍රශ්න නගමින් දැඩි විරෝධය එල්ල කළේය.
එහිදී මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා සඳහන් කළේ මෙම අධිකරණයට පැමිණෙන සියලු දෙනාටම රටේ පොදු නීතිය ක්‍රියාත්මක වන බවත් මොහු වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දැක්වීම සාමාන්‍ය ජනතාවට කරනු ලබන අගතියක් බවය. නඩු විභාගය මැයි මස 22 වන දින පස්වරුව දක්වාම කල් තබන ලදී.




