දෙසැම්බර් වන විට සජිත් ජනපති – කබීර් හෂීම්

චම්පිකා මුතුකුඩ

ලබන දෙසැම්බර් මාසය වනවිට සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති බවට පත් කරවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

නැවත වරක් බලය රනිල් වික්‍රමසිංහ වෙත යාමට ඉඩ ලබා නොදෙන බවත් , රට පාලනය කිරීමට සමඟි ජන බලවේගයට හැකි බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

”මම පොරොන්දු වෙනවා දෙසැම්බර් වෙනකොට සජිත් මහත්තයා ජනාධිපති කරනවා. ඇතිනේ ඒ ටික . දැන් හරි. ඒක එහෙම හෙමින් යන්. ඒක නිකම් එයි. අපි ගන්න ඕනි නැහැ. කරන්න බැරි වෙනකොට ඒක දීල යයි. ගෝඨා දෙන්න යනකොට අපේ ලොක්කා ගන්න ටිකක් පරක්කු උනාම මොකක්ද වුණේ? අරය රිංගුවා, රනිල් මහත්තයා. මේපාර දෙන්නේ නැහැ එයාට එහෙම. මේපාර අපිත් බලන් ඉන්නේ,දැනුත් එයා රෙඩි වෙලා ඉන්නෙ.හෙට වැටෙයි කියල  සපත්තු පොලිෂ් කරගෙන . මේ පාර එයාට දෙන්නෙ නැහැ. මේ රට අරගෙන අපිට කරන්න පුළුවන්” මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *