දිස්ත්‍රික් පහක පළාත්පාලන ආයතන 23කට ඇප තැන්පත් කරයි

අජිත්ලාල් ශාන්තඋදය

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසිම සදහා 05දා වන විට පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් පළාත් පාලන ආයතන විසිතුනක් සඳහා ඇප තැන්පත් කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඇප තැන්පත් කර ඇත්තේ මහනුවර, කොළඹ, ගම්පහ, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික් වලටය. දේශපාලන පක්ෂ තුනක් කොළඹ, ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්වලට ඇප තැන්පත් කර ඇති බව නිවේදනයේ දැක්වේ. ඉහත දිස්ත්‍රික් පහටම ස්වාධීන කණ්ඩායම් නවයක් ඇප තැන්පත් කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන අයතන දොළහක් සදහා පිළිගත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායම් පහක් මේ වනවිට ඇප තැන්පත් කර ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පහක් සදහා පිළිගත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායමක් ඇප තැන්පත් කර ඇත.  පිළිගත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායමක් රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරක් සදහා මේ වන විට ඇප තැන්පත් කර ඇත.

අම්පාර සහ මහනුවර දිස්ත්‍රික් දෙක සදහා පළාත් පාලන ආයතන දෙකක් වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් දෙකක් 05දා වනවිට ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ නිවේදනයේ දැක්වේ.

මෙවර පළාත් පාලන ඡන්ද විමසිම සදහා ඇප මුදල් භාරගැනීම පසුගිය 03දා ආරම්භ විය.

ඇප තැන්පත් කළ බව සඳහන් නිවේදනය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *