දියේ ගිලුනු නාඳුනන තරුණයා ගලවා ගැනේ.

වැලිගම  තරංග ගුණරත්න 

ගල්කිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටියදී අනතුරට පත් තරුණයකු    බේරා ගෙන රෝහල් ගත. කිරීමට පියවර ගත් බව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි

වයස 18 පමන වන  තරුණයෙකු (19)  දින  ගල්කිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දියේ ගිලීමෙන් අනතුරට පත්ව  තිබිණි
එම අවස්ථාවේදී  ගල්කිස්ස මුහුදු තීරයේ ස්ථාපිත කොට ඇති  වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  ජීවිතාරක්ෂක කුටියේ රාජකාරී නියුතු   නිලධාරින් විසින් එම තරුණයා බේරාගෙන  ප්‍රථමාධාර  ලබාදීමෙන් පසු  කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. ඔහු තවදුරටත් එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද සදහන් වෙි.
එම තරුණයා  දිය නෑම සඳහා තනිවම  පැමිණ සිටි බවත් ඔහුගේ අනන්‍යතාවය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැතැයි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
එම තරුණයාගේ දිවි බේරා ගැනීම ජි.ජි.එන් ,ඩි. ප්‍රියංකර මහතා සහ පි.වි.කේ.සි.සෝමසිරි යන  නිලධාරීන් විසින්  සිදු කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *