යසාංග මහවිතාන
පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනවල පාසල් පැවැත්වීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය නිකුත් කර තිබෙන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පෙට්ටි සහ අනෙකුත් බඩු බාහිරාදිය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතින් වෙත භාරදීම සහ ආපසු භාර ගැනීමේ මධ්‍යස්ථාන හා ප්‍රතිඵල වගුගත කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් ගොඩනැගිලි, අධ්‍යාපන විද්‍යාපීය සහ උසස් තාක්ෂණ ආයතන සම්බන්ධයෙනි.
දිවයිනේ සියලුම පාසල් 2025.05.05 දින නිවාඩු ලබා දෙන අතර, 2025.05.07 දින පාසල් නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
