චම්පිකා මුතුකුඩ
දළදා ප්‍රදර්ශනය සඳහා වෙන්කර ඇති කාලය තවත් පැයකින් දීර්ඝ කිරීමට අදාල බලධාරීන් විසින් තීරණය කර ඇත.

ශ්‍රී දළදා වහන්සේ වන්දනා කිරීම සඳහා මහනුවර ඓතිහාසික දළදා මැදුරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය කර සිටියි.
සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා යි. මේ අනුව ඉදිරි දින කිහිපයේදී දිනපතා පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා දිනකට පැය හය හය හමාරක කාලයක් බැගින් දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ජනතාවට අවකාශ ලැබේ.
