දළදා වන්දනාව අප්‍රේල් 27දා අවසන් 

හේවාහැට චම්පික දසනායක 

වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට දෙස් විදෙස් බැතිමතුන්ට ලබාදී තිබූ අවස්ථාව කලින් යොදාගත් පරිදිම අප්‍රේල් 27 වනදායින් අවසන්වන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා සඳහන් කරයි 

දිවයිනේ නන් දෙසින් මහනුවර නගරයට පැමිණ සිටින ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සනීපාරක්ෂක පහසුකම් හා අනෙකුත් අවශ්‍යතා මෙන්ම මහනුවර හා අවට ප්‍රදේශයන්හි ඇතිව තිබෙන පාරිසරික ගැටළුව කලමනාකරණය කර ගැනීමේ පහසුව පිණිස අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා හා උපදෙස් පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සිදුකළ  සාකච්ඡාවකින් පසුව දළදා වන්දනාව කලින් දින නියම කරගත් ආකාරයෙන්ම අප්‍රේල්  27 වනදායින් අවසන් කිරීමට නියමිත බව දියවඩන නිළමේ වරයා වැඩිදුරටත් සඳහන් කරයි 

දළදා වන්දනාව පැවති දින කිහිපය පුරාවට සැලසුම් කළ ප්‍රමාණයට වඩා වැඩි බැතිමතුන් පිරිසක් මහනුවරට පැමිණීම නිසා සැලකියයුතු පිරිසකට දළදා වහන්සේ වැඳපුදා ගැනීමේ අවස්ථාව මගහැරී ගිය බවද දියවඩන නිළමේ වරයා පැවසීය  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *