මොහොමඩ් ආසික්
වසර 16 කට පසුව පැවැත්වෙන ඓතිහාසික සිරි දළඳා දැක්මට එක්වී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටි අයුරුයි මේ.
2025.04.18 වන ඊයේ දින සිට ලබන 27 වන දින දක්වා සිරි දළඳා දැක්ම ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙයි. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීම සඳහා ලක්ෂ ගණනක ජනතාවක් අද දිනයේද පැමිණ සිටි අතර පෝලිම් තුනම කිලෝ මීටර් තුනක් තරම් ඈත දක්වා විහිදී තිබෙන අයුරුද දක්නට ලැබිණ. මෙම ඡායාරූපවලින් දැක්වෙන්නේ අද දහවල් කාලයේදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා මහනුවරට පැමිණ සිටින ලක්ෂ ගණනක ජනතාව පෝලිම් ගැසී සිටි අයුරුයි.




