සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සහ බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්ථමෙන්තුවේ උපදෙස් මත ක්‍රියාත්මක ‘දහම් ගුරු අභිමානි ‘ දහම්පාසල් ගුරු පුහුණු වැඩසටහන අද (08) පැවැත්වෙයි.
නාඋල – අරංගල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා එය පැවැත්වීමට නියමිතය.
නාඋල ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය මකුල්මඩ චන්දිම ස්වාමීන් වහන්සේ හා නාඋල ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි පූජ්‍ය බිබිලේ වජිරඥාන ස්වාමින් වහන්සේගේ සහභාගීත්වයෙන් හා සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි , මාතලේ දිස්‍ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මකය.
(නාඋල – ඉන්දික අරුණ කුමාර)

