යසංග මහවිතාන
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව පුවතක් සංසරණය විය. එම පුවත සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙසේ ලෝහමය පටියකින් පහර දෙනු ලබන්නේ කොළඹ අධ්‍යාපන කලාපයේ බාලක පාසලක පන්තිභාර ගුරුවරයකු විසින් තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට බව සඳහන් වේ
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පසුගියදා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
ළමා ආරක්ෂක අධිකාරිය විසින් දඬුවමට ලක්වූ 7 හැවිරිදි සිසුන් දෙදෙනෙකුගෙන්, අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පති සහ දෙමාපියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
සැකකාර ගුරුවරයා බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මේ වන විටත් සැඟවී සිටින බව වාර්තා වේ.
ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
