ලක්මිණි නදීෂා
ඇති හැකි හෝ වේවා නැති බැරි හෝ වේවා සෑම දෙමව්පියෙකුගේම ජීවිත වල තියෙන ලොකුම අරමුණක් තමයි තමන්ගේ දරුවන් හොඳ තැනකට ගෙන ඒම. ඒ ගමනෙදි ඔවුන්ව අධ්‍යාපනයෙන් වගේම ගුණ ධර්ම වලින් පොහොසත් කිරීම වැඩිහිටියන් විදිහට අපි හැමෝගෙම වගකීමකි . මේ වෙනුවෙන් විවිධ අවස්ථා අපිට යොදාගන්න පුළුවනි.
මේ කල්පිටිය පනියඩිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ඨාසයේ සෙමුතු මව් හවුලේ දෙමාපියන් තම දරුවන්ගේ සතුට වෙනුවෙන් කැප වුණු අවස්ථාවකි.
බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන මේ ගම්වාසීන් තම දරුවන්ගේ සතුට වෙනුවෙන් අප්‍රේල් මාසයේ සිඟිති බක් මහ උළෙලක් පැවැත්වීමට තීරණය කළහ.ඒ සදහා මුදල් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් අම්මලා තාත්තලා එකතුව අද දිනයේ පොළක් පවත්වනු ලැබීය.
මෙහි විශේෂත්වය වන්නේ මෙම පොළෙහි අලෙවි කිරීමට තබා තිබූ සියලුම එලවළු, පළතුරු කාබනික පොහොර යොදාගෙන ඔවුන්ගේ ගෙවතු වගාවෙන්ම සපයා ගත් ඒවා වීමයි.
තමන්ගේව් දරුවන්ට හොඳ පලතුරු එළවළු ටික අරගෙන රටේ අනෙක් දරුවන්ට වස විස ගැසූ එළවළු පළතුරු අලෙවි කරන සමාජයක මේ දෙමව්පියන් දුන්නේ ඉතාමත් වටිනා පණිවුඩයකි.
තමන්ගේ දරුවන් වගේම ගමේ, රටේ අනෙක් දරුවනුත් ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීම වැඩිහිටි හැමෝගෙම වගකීමකි.
ගෙදර ආර්ථිකයටත් හයියක් වෙන මේ මව්වරු දරුවන්ගේ අනාගතය ගැන සිතා ඔවුන්ගේ මනෝ සමාජීය සංවර්ධනය වෙනුවෙන් හවුලක් විදිහට ක්‍රියාත්මක වීම අගය කළ යුත්තකි.
