පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
කොරියානු ශ්‍රී ලංකා මහ විහාරයේ සමාජ සත්කාරයක් ලෙස නවගත්තේගම දන්ගහවැව විද්‍යාලයේ සිසු දරු දැරියන්ට පාසල් උපකරණ හා තවත් දෑ තොගයක් දකුණු කොරියාවේ මහා සංඝනායක මහා විහාරාධිපති ආචාර්ය තලගමුවේ ධම්මකිත්ති නාහිමියන් ඇතුළු දෙස් විදෙස් මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් බෙදා දීමට කටයුතු කෙරිණි.
දකුණු කොරියානු ශ්‍රී ලංකා මහා විහාරය මගින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලට සිදුකරන සමාජ සත්කාර අතර පුත්තලම දිස්ත්‍රික්කයේ ආර්ථික තත්වයෙන් අපහසුතාවන්ට ලක්වු නවගත්තේගම දන්ගහවැව විද්‍යාලයේ සියලුම සිසු දරු දැරියන්ට මෙලෙස අධ්‍යාපනයට අවශ්‍ය පොත් පත් ඇතුළු පාසැල් උපකරණ හා බැග් ලබා දීමටත් ඒ සමගම පාසලේ කටයුතු සඳහා රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් පරිඝණකයක් ලබා දීමටත් කටයුතු කෙරුණී.
ඒ සමගම මෙම අවස්ථාවට එක්වු දකුණු කොරියාවේ චොගෙ නිකායෙ මහෝපාධ්‍ය නොකියාවොන් විහාරාධිපති පූජ්‍ය කයෝ කොං නාහිමියන් විසින් දංගහවැව විද්‍යාලයෙ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක මුදල් ප්‍රධානයක් ලබා දීමද සිදුවිය.



