තේ, කෝප්පයට ආවේ මෙහෙමයි

වර්ෂා අමරජිත්, එරත්න 

සීතල කදුකරයෙන් නෙලා ගන්නා තේ දල්ලක සාරය උණු උණු තේ කෝප්පයකට ගන්නේ කෙනෙකුගේ විඩාව ආතතිය මග හරවා ගන්නටය.ඕනෑම කටයුත්තක දී තේ කෝප්පය සංග්‍රහශීලීය .

     යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ තේ හදුනාගන්නට මත්තෙන් ජනී ජනයා කෝපිවල රස බැලුවෝය. අවාසනාවකට මෙන් එකල කෝපි වගාවට “හැමීලියා වෙස්ටේරියා,”රෝගය වැළදී විනාශයට පත්විය. මේ හේතුවෙන් කෝපිවලට ආදේශක් ලෙසින් ලංකාවේ තේ වැවීමට පෙළඹුණි.තේ ශාකය ලංකාවට ආවේනික ශාකයක් නොවේ. එය මුලින් හදුන්වා දුන්නේ 1839 අග භාගයේ ඉන්දියාවෙනි.ආචාර්ය වොලීච් මහතා ගෙන එන තේ බීජ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කරන ලදී.ලංකාවේ තේ ගසේ පළමු ඉතිහාසය එය වුවද , ලංකාවට පැමිණි වැවිලිකරුවෙකු වන ජේම්ස් ටේලර් මහතා 1866 දී ඉන්දියාවෙන් තේ පිළිබඳ අවබෝධයක් ගෙන ලූල් කදුර වතුයායේ අක්කර විස්සක පමණ වාණිජමය වශයෙන් තේ වගාව ආරම්භ කළේය.1880 වන විට තේ නිෂ්පාදනය සීග්‍ර ලෙස ඉහළ ගොස් 1888 වෙද්දී ලංකාවේ කෝපි වතු සියල්ලම අභිබවා තේ වතු බවට පරිවර්ථනය විය. තේ කර්මාන්තය හේතුවෙන් සිංහල දෙමළ භේදයක් නැතිව විවිධ ආකාරයේ රැකියා ද බිහිවිය.උඩරට,මැදරට,පහතරට,යනුවෙන් වගාකරන භූමියේ භූගෝලීය පිහිටීම අනුව කලාප තුනකට බෙදා සබරගමුව,නුවර,ඌව,දිඹුල, නුවරඑලිය,රුහුණ, උඩුපුස්සැල්ලාව ප්‍රදේශයන් හි විවිධ තැන්වල තේ වැවීම සිදුවිය. අතීතයේ ඇට තේ වගාව මාධ්‍ය විය.  නොයෙක්  ප්‍රභේද  වල රිකිලි වලින් පැල ඇතිකරගන්නා තේ වර්ග පසු කාලීනව  වගා කරනු ලැබිණි .සුදු චයිනා,රතු චයිනා,කළු චයිනා ද ඒ අතර වේ.  මේ ලෙස තේ කර්මාන්තය ආරම්භ විය. 

    තේ වර්ගීකරණය අනුව කැමීලියා කුලයේ එකම තේ නිෂ්පාදන ක්‍රියාවලියේ දී ලංකා කළු තේ , සුදු තේ, හරිත තේ , වශයෙන් වෙනස් වේ….. “අද හරි මහන්සියි තේ එකක් බොමුද ” වෙහෙස මහන්සි වී විඩාව සංසිඳුවා ගනු පිණිස පානය කරන තේ  කෝප්පයෙන් වෙහෙස නිවාගන්නට පුදුමාකාර පිටුවහලක් වෙයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව ත්‍රිදෝෂ සමතුලිත කිරීමට තේවල ගුණය උපකාරී වේ.ආයුර්වේද සම්බන්ධතා අනුව දේහ ශුද්ධිය,,(Detoxi fication) ශාරීරයේ එන විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වේ. ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.ශරීරයේ ත්‍රිදෝෂ සමනය කරයි. ශීත ඍතුවේදී ඇතිවන රෝගවලින් ආරක්ෂා වීමට ඉගුරු මිශ්‍ර තේ ප්‍රතිශක්තිකරණය සදහා ඉතා යෝග්‍ය බව කියති. මධ්‍ය කදුකරයේ නිපදවෙන තේ වල C,A,E, වැනි ප්‍රතිඔක්සිකාරක තිබේ.තේ ශරීරය ප්‍රබෝධමත් කිරීමට උපකාරී වන බව තහවුරු වේ. ලංකාවේ උසස් ප්‍රමිතියේ තේ වල theanine නම් සංඝටකය අඩංගු වේ. තේ මානසික විශ්‍රාන්තිය, සහ අවදානය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. කළු තේ පෙරීමෙන් පසු ශ්‍රේණිගත කර දූවිලි තේ දක්වා ශ්‍රේණි ගත වේ.මේ සියළු ශ්‍රේණියකම අද්විතීය වර්ණයක් හා ශක්තියක් ඇත. සුදු තේ වල දුර්වල සහ සැහැල්ලු වර්ණයක් ඇත.කළු තේ වලට වඩා කැෆේන් සහ ප්‍රතිඔක්ෂිකාරක වලින් වැඩිය.සෞබ්‍ය සම්පන්න පානයකි.silver tips ලෙස ප්‍රචලිතය.

සුදු තේ

      කළු තේ

     සිරුරේ නිරෝගී බවට අමතර බර අවම කර ගැනීමට ග්‍රීන් ටී නිපදවන්නේ camellia sinensis ය.හිසරදය,විවිධ තුවාල සුවය සදහාත් අප ගන්නා ආහාරවල වඩා හිතකර තත්වයෙන් අවශෝෂණය කරගැනීම සදහාද,මේදය දහනය කිරීම කුඩා නමුත් කාර්යක්ෂම සේවාවක් ග්‍රීන් ටී මගින් ඉටු කරනු ලබනවා.catechin සහ caffeine සංයෝගය ඒ සදහා මහගු දායකත්වයක් ලබා දෙනවා.කාබෝහයිඩ්රේට්,මේදය වැනි ශරීරය මහත් කරන සංගඨක වලින් තොර බවත් විටමින් වර්ග වලින් ඉතා පොහොසත් බවත් පැවසේ.ශරීරයේ දියවැඩියා, කොලෙස්ටරෝල්,පිළිකා වැළැක්වීමේ ගුණයෙන්ද යුක්තය.ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලාභ දෙන කර්මාන්ත අතරින් තේ නිෂ්පාදනය ද තවත් එක් කර්මාන්තයක්ව පැවතුණි.තේ දළු කර්මාන්තයේ නිසි මිලක් නොමැති වීම නිසා වැවිලි කරුවාටද ලාභයක් නොමැති බව ඔවුහු පවසති.ඔවුන් කුරුදු,වැනිලා වැනි බෝග වලට යොමුවෙමින් පවතින බව වර්ථමානයේ දක්නට ලැබේ.අද වන විට තේ කර්මාන්ත ශාලා ද වැසී යමින් තේ කර්මාන්තයේ කඩාවැටීමක් දක්නට ඇති බව නොරහසකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *