ඇහැලියගොඩ – රංජන් මඩගම්මන
“තෙසිතක සිත්තම්” චිත්ර ප්රදර්ශනය…
“රැවන්පුර සිත්තම්කරැවන් තිදෙනෙකු ගේ පළමු ප්රයත්නය ලෙසින්, එම්.ඩබ්.ඉන්දික, ආනන්ද මනෝදරගේ සහ ශෂී විජේරත්න එක්ව පවත්වනු ලබන චිත්ර ප්රදර්ශනය 2025 පෙබරවාරි මස 27 ප.ව. 3.00 රත්නපුර නගර ශාලාවේ දී ආරම්භ වේ.
මහජන ප්රදර්ශනය පැවැත්වෙනුයේ පෙබරවාරි මස 28 වන දින සහ මාර්තු මස 01 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වාය.
මෙම දින දෙකේදී පැමිණ සිතුවම් නරඹා රසවින්දනය සමග දැනුම හුවමාරැ කරගන්නා ලෙස කලාකාමී මහජනතාවට ඇරයුම් කරණු ලැබේ.
ඇතුල්වීම නොමිලේ වන අතර, ඔබ කැමති ඕනෑම සිතුවමක් මිලදී ගැනීමේ අවස්ථාවද මෙහිදී ඇති බැව් ඔබ සැමට විශේෂයෙන්ම මතක්කර දීමට කැමැත්තෙමු…
