වෙඩි තැබීමකට සූදානම් කර තිබූ යතුරුපැදියක් හා අයිස් මත්ද්‍රව්‍ය 2700 mg සමඟ “තුඩාවේ ලොකු මල්ලි’ මාතර පොල්හේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .
පොලිස් විශේෂ කාර්ය බලකායේ ,වැලිගම ,පාතේගම ,පුෂ්පාරාම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මාතර පොල්හේන ප්‍රදේශයේ විශේෂ වැටලීමක් සිදුකොට තිබේ.
එහිදී ” තුඩාවේ ලොකු මල්ලි ” විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2700 සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වයස 23 පමන වන සැකකරු ඩුබායි රාජ්‍යයේ සැඟවි සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකුවන වන මිදිගම ෂූටි ගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම් කටයුතුද සිදු කරන බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරුගෙන් දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව තබේ.
එහිදී කිසියම් වෙඩි තැබීමක් සදහා යොදාගන්නා, අනන්‍යතාවය හඳුනා ගැනීමට නොහැකිවන සේ කොටස් වෙනස් කරමින් මාතර නාදුගල ප්‍රදේශයේ ගරාජයක තිබූ FZ වර්ගයේ යතුරුපැදියක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර පරීක්ෂණ මෙහෙයවීම සඳහා සැකකරු මාතර පොලිසිය වෙත යොමු කොට ඇති අතර අනතුරුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
