තිස්ස විහාරය ඉදිරිපස පිරිසක් විරෝධතාවයක.

වවුනියාව මාධව කුලසූරිය.

යාපනය,කන්කසන්තුරය තිස්ස විහාරයේ ගේට්ටුව ඉදිරිපස පිරිසක් ඊයේ(11) හා අද(12) විරෝධතාවයක් පැවැත්විණ.

යාපනය තිස්ස විහාරයේ සිදුකරන නව ඉදිකිරීම් නවතා දමන ලෙසත්,බෞද්ධයන් නොමැති ස්ථානයක් විහාරයක් සකස් නොකරන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලීම් කරති.

විරෝධතාවය වෙනුවෙන් සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක්ද එක්ව සිටියහ.

යාපනය තිස්ස විහාරයේ සිදුකරන බව කියන ඉදිකිරීම් වහා නවතා දමන ලෙසට අදාළ පිරිස ඉල්ලීම් කරන අතර,කළු කොඩි ඔසවමින් අදාළ පිරිස විරෝධතාවයේ නිරතවිණ.

විරෝධතාවය පැවති ස්ථානයේ තත්වය පාලනය කිරීමට පොලිසිය යොදා තිබෙන ආකාරයක්ද දැක ගැනීමට හැකිවිණ.

කන්කසන්තුර ප්‍රදේශවාසීන් පිරිසක්ද විරෝධතාවයට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *