තිරප්පනේ කාර්මික සේවා දන්සල

 සමන් පෙරේරා  

පොසොන් වන්දනාවේ ගමන් කරමින් තිබූ කාර්මික දෝෂයන්ට ලක් වූ රථවාහන නොමිලේ අලුත්වැඩියා කරදීමේ “ කාර්මික සේවා” දන්සලක් පොසොන් පෝය දින අද (10) තිරප්පනේ නගරයේ දී පැවැත්විණී.

තිරප්පනේ ලක්ෂ්මන් මෝටර්ස්’හි අධිපති ප්‍රසන්න ලක්ෂ්මන් මහතා විසින් සංවිධානය කරනු ලබන මෙම කාර්මික සේවා දන්සැල පවත්වනු ලැබූවේ හයවන වරටය.

ප්‍රදේශයේ මෝටර් කාර්මික ශිල්පීන් 15 දෙනෙකුගේ කාර්මික සහය හා තරුණ ප්‍රජවගේ දායකත්වය මෙම දන්සල සඳහා ලබාදුණි.

 තිරප්පනේ සිට කැකිරාව දක්වා හා තිරප්පනේ සිට මිහින්තලේ යන නගර දක්වා මාර්ග සීමාව තුළ දැඩි කාර්මික දෝෂයන්ට ලක්වන රථවාහන, දන්සැල වෙත ඇදගෙන විත් කාර්මික සේවා ලබාදීමේ පහසුකම් ද මෙවර සලසා දී තිබිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *