ලක්මිණි නදීෂා
දිවයින පුරා ක්‍රියාත්මක තැපැල් දෙපාර්තමේන්තුවේ සංකේත වැඩවර්ජනයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සේවා නිලධාරිගේ පුරප්පාඩු පිරවීමට විවෘත බඳවා ගැනීම් කටයුතු නොකිරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය විසින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.
මේ අද (29) දින මරදාන ඩී.ආර්. විජේවර්ධන මාවත පිහිටි තැපැල් මූලස්ථානය ඉදිරිපිටදී පැවතී විරෝධතාවයයි.
ඉල්ලීම් 15ක් මුල් කරගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය විසින් දිවයින පුරා ඊයේ(28) පස්වරුවේ සිට දෙදින සංඛේත වැඩ වර්’ජනයක් ආරම්භ කර තිබේ.
අද (29) දිනයේ තැපැල් මූලස්ථානය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව සිය ඉල්ලීම් සම්බන්ධයෙන් වූ සංදේශයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදීමට සැලසුම් කර ඇති බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසයි.
මේ අතර අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරනිමින් සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිටි වෘත්තීය ක්‍රියාමාර්’ගයක් ආරම්භ කර තිබේ.

