තැපැල් කාර්යාලයේ වසා දැමීමෙන් ජනතාව අසීරුතාවයක

තරංග ගුණරත්නවැලිගම

බටවල  පාතේගම  උප තැපැල් කාර්යාලය  වසා දැමීම නිසා  එම සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට   විශාල මුදලක් වැය කොට  වැලිගම ප්‍රධාන තැපැල් කාර්යාලයට හෝ වල්ලිවල  උප  තැපැල්  කාර්යාලය වෙත  යාමට සිදුවීමෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව ජනතාව මැතිවිලි නගති .

වැලිගම  ප්‍රධාන තැපැල් කාර්යාලට අයත්   බටවල පාතේගම  උප තැපැල් කාර්යාලය  කුලී පදනම මත  බටවල  කඩහත අසල   පිහිටි   ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය අතර  තැපැල් දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන සේවාවන් රැසක් මෙම උප තැපැල් කාර්යාලය මගින්   ක්‍රියාත්මක කෙරිණි   එම සේවාවන්  අතර  රජයේ සේවයේ  නියුතු   අයගේ  නිවාඩු ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වන ටෙලිමේල් සේවාව, තැපැල් මුද්දර, විදුලි බිල් පත්, මහජන ආධාර, වැඩිහිටි දීමනා,  සහ  නොයෙකුත්  පාර්සල් යැවිම ආදී සේවාවන් රැසක් ක්‍රියාත්මක කිරීම නිසා මෙම තැපල් කාර්යාලය මගින්   ප්‍රදේශයේ ජනතාවට විශාල සේවාවක් සිදුකෙරුණි.
  මෙම තැපැල් කාර්යාලය බටවල පාතේගම උප තැපැල් කාර්යාලය ලෙස  සදහන් වෙි
ඒ අනුව එම   ප්‍රදේශයේ  සහ අවට ප්‍රදේශවල  ජනතාවගේ පහසුව  මෙම තැපැල් කාර්යාලය  යොදා තිබුණත් ,  මේ වන විට  වසර තිහක් පමණ තිස්සේ එම ගම්මානයෙන් පිටත ප්‍රදේශයක් වූ බටවල කඩහත ප්‍රදේශයේ   ස්ථානයක කුලී පදනම මත බටවල පාතේගම උප තැපැල් කාර්යාලය පවත්වාගෙන යන  ලදී.
එහිදී පාතේගම අවට ප්‍රදේශවල ජනතාව දැඩි දුෂ්කරතා මධ්‍යයේ බටවල කඩහත අසලට ගොස් එම තැපැල් කාර්යාලය මගින්   අවශ්‍ය සේවාවන් ලබා ගන්නා ලදී.
එහෙත් ඉකුත් ජනවාරි මස 06 දින සිට මෙම තැපැල් කාර්යාලය සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර එම ස්ථානයේ තබා තිබූ තැපැල් පෙට්ටියද වසා දමා තිබේ
එමගින්  වැඩිහිටි  ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙි .
රාජ්‍ය සේවාවන් තව තවත් වැඩිදියුණු කරන වෙනුවට  ගමට තිබුණු තැපැල් කාර්යාලය වසා දැමීම පිළිබඳව ජනතාව විමතියට පත්ව සිටිති.
එ බැවින්  නැවත මෙම තැපැල් කාර්යාලය විවෘත කරදෙන ලෙස ජනතාව බලධාරින්ගෙන්  ඉල්ලා සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *