මොහොමඩ් ආසික්
දිගන සෙනරත්වෙල මාර්ගයේ අතුරු මාර්ගයක නිවස අසල නවතා තිබු ත්රිරෝද රථය අද 21 වනදා අළුයම් කාලයේ යම් කිසි පිරිසක් විසින් ත්රිරෝද රථය නවතා තිබු ස්ථානයේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් මහ පාරට ගෙනත් දමා තිබ්යදි අද උදේ හමුව් තිබේ
අද උදේ තම ත්රිරෝද රථය බැලීමේදී එය නවතා තිබු ස්ථානයේ නොමැති බව දැක එහි හිමිකරු ප්රදේශවාසින්ද එක්ව සොයා තිබේ. පසුව එම ත්රිරෝද රථය එය නවතා තිබු ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් මහ පාර අයිනේ නවතා තිබියදී එහි හිමිකරු විසින් සොයා ගෙන තිබේ.
මෙම ත්රිරෝද රථය මෙම ස්ථානයට ගෙනව්ත් දැම්මේ කවුද කුමක් සඳහාද යන්න සැක සහිත බව එහි හිමිකරු පවසයි.
මෙය සොරකම් කරගෙන යද්දි හෝ යම් අපරාධයක් සඳහා රැගෙන යද්දි අතරමඟදී නැවතිීම නිසා පාරේ දමා ගියා දැයි සැකයක් පවතින බවත් එහි හිමිකරු පවසයි .
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති බවත් එහි හිමිකරු සඳහන් කරයි.
