ත්‍රිරෝද රියක් පෙරළී හැට හැවිරිදි පුද්ගලයෙක් මරුට

 

අජිත්ලාල් ශාන්තඋදය

ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් හැට හැවිරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වෙයි. කුරුගංමෝදර බදුවත්ත මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේදි 09දා රාත්‍රී 07.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව කිරිඇල්ල පොලිසිය කියයි.

අනතුරින් රියදුරු ද බරපතල තුවාල ලබා ඇත. ඔහු රත්නපුර ශික්ෂණ මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර බව පොලිසිය පැවසුවේය. මියගිය අයගේ මෘත දේහයද අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සදහා රත්නපුර ශික්ෂණ මහ රෝහල වෙත යැවු බව කිරිඇල්ල පොලිසිය කීය.

අනතුර සිදුවන අවස්ථාවේ මියගිය තැනැත්තාට අමතරව තවත් එහි කාන්තාවක් ගමන් කරඇති බව පැවසූ පොලිසිය ඇයට බරපතල තුවාල නැතැයි ද කීවේ ය. මියගොස් ඇත්තේ මාටුවාගල, හතේ කණුව ලිපිනයේ පදිංචි ආනන්ද වික්‍රම (60) අය අය බව ද පොලිසිය කියයි

මාර්ගයේ පෙරලුන ත්‍රිරෝද රථයට, මියගිය තැනැත්තා යටවී ඇති බව ද පොලිසිය පැවසුවේය. රියදුර බීමත්ව රිය පැදවු බවට තොරතුරු ඇති බැවින් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව මගින් එයතහවුරු වු පසු ඔහුට විරුද්ධව, බීමත්ව රිය පැදවීම, අපරික්ෂාකාරීව රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම සහ මාරක රිය අනතුරක් සිදුකිරීම යටතේ අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන බවද කිරිඇල්ල පොලිසිය සදහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *