(වවුනියාව මාධව කුලසූරිය)
මුලතිව්,කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් ඇල්ලු පුද්ගලයින් හය දෙනෙකු බෝට්ටු පහක් සමඟින් ඊයේ(22) අත්අඩංගුවට ගත් බව මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය පවසයි.
මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය පැවසූවේ කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී සිදුකළ හදිසි වැටලීමකදී අදාළ සැකකරුවන් හා බෝට්ටු අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා බෝට්ටු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත්,සැකකරුවන් දින 14 ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළ බවද මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය පැවසීය..
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.




