තවත් භූ කම්පනයක්

සංජීවනී පද්මසේන

ටොංගා රාජ්‍යයට අයත් දකුණු පැසිෆික් සාගරයේ භූ කම්පනයක් සිදුවී තිබේ. මැග්නිටියුඩ් 7.1ක විශාලත්වයෙන් යුත් මෙම කම්පනය නිසා පැසිෆික් දූපත් වලට සුනාමි අනතුරු සංඥා නිකුත් කර ඇත. භූ කම්පනය සිදුවූ අපකේන්ද්‍රීය ස්ථානයේ සිට කිලෝමීටර තුන්සියයක් දුරට සුනාමි රළ ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ. පැසිෆික් සාගරයේ කිලෝමීටර දහයක පමණ ගැඹුරින් එම භූ කම්පනය සිදුවී ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *