සිරිපා අඩවියේ රක්ෂිතය පුළුල් වෙයි.

අජිත්ලාල් ශාන්තඋදය

කුරුවිට එරත්න මාර්ගයෙන් සිරිපා කරුණා කරන විට අඩවිකන්ද පසුකර ඉහළට යද්දී හමුවන වර්ණගල වත්තේ හෙක්ටයාර් 502.69ක බිම් ප්‍රමාණයක් පාරිසරික ආරක්‍ෂණ ප්‍රදේශයක් ලෙස ගැසට් කරයි

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩවිකන්ද ග්‍රාම නිලධාරී වසමෙන් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාගල ග්‍රාම නිලධාරි වසමෙන් කොටසක් නව පාරිසරික ආරක්‍ෂණ ප්‍රදේශයට අයත්ය.

වර්ණගල වත්ත ප්‍රදේශය සංරක්‍ෂණය සඳහා 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ අංක 2387/22 හා 2024-06-05 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් වර්ණගලවත් ප්‍රදේශය පාරිසරික ආරක්‍ෂණ ප්‍රදේශයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.

අනාගත පරම්පරාව සඳහා ද සම්පත් ඉතිරිකරමින් අරපිරිමැසුම්දායක ලෙස සම්පත් පරිහරණය කිරිම පරිසර සංරක්‍ෂණය කිරීමේ අරමුණ වේ.

ජෛව විවිධත්වය අතින් වැදගත්වු මෙම කලාපය  පරිසර  සංරක්‍ෂණ කලාපයක් ලෙස නම් කිරීමට අවශ්‍ය පාරිසරික වටිනාකම සලකා බැලීමට පර්යේෂණයක් සිදු කිරිම මුලින් ම පරිසරවේදි නීතීඥ ජගත් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් සිදුවිය.  මෙම ප්‍රදේශයට ම ආවේනිකවු සත්තව සහ ශාක වර්ග ඇති බව එම පර්යේෂණයේදී සොයාගනු ලැබිණි.

තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ 2019 වසරේ සභාපතිව සිටි දිලුක්‍ෂ සොයිසා මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව පර්යේෂණ කණ්ඩායමක් මෙම පර්යේෂණය කරනු ලැබීය. අවම පහසුකම් සහ අවම වියදම් යටතේ එම පර්යේෂණ කණ්ඩායම වර්ණගල ප්‍රදේශය ආශ්‍රිතව පර්යේෂණ නියමිත කාලයේ දී සිදුකර කඩිනමින් එම වාර්තාව ප්‍රකාශයට පත් කර තිබුණි.

වර්ණගල ප්‍රදේශය ආශ්‍රිතව ඉංග්‍රිසින්ගේ පාලන සමයේ තේ වත්තක් ද පවත්වාගෙන ගොස් තිබුණි. කුරුවිට එරත්න ශ්‍රීපාද මාර්ගයේ අඩවිකන්දේ සිට වර්ණගල අම්බලම දක්වා වාහන යාහැකි මාර්ගයක් මේවනවිට ඉදිකර ඇත.

ඡායාරූප කැප්සන්:

20-02/03      වර්ණගල සංරක්ෂිත ප්‍රදේශයේ කටුසු විශේෂ

20-04             වර්ණගල සංරක්ෂිත ප්‍රදේශයේ සර්ප විශේෂ

20-05             වර්ණගල සංරක්ෂිත ප්‍රදේශයේ මල් විශේෂ

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *