(බුද්ධික වීරසිංහ)
ආසියානු කලාපයේ රටවල් රැසක කොවිඩ් ව්‍යාප්තිය යළි තීව්‍ර වී ඇති බව වාර්තා වේ.
ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ හොංකොං යන රටවල ආසාදිතයින්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 685 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පුද්ගල මරණ 4ක් ද වාර්තා වී ඇත.
නව රැල්ල ආරම්භයේ සිට අසල්වැසි ඉන්දියාවෙන් දින 10ක් තුළ කොවිඩ් ආසාදිතයින් 3758 දෙනෙකු වාර්තා වී තිබෙන අතර මේ වන විටත් සක්‍රීය කොවිඩ් ආසාදිතයින් 1, 336 දෙනෙකු සිටින බව කියැවේ.
මේ අතර, ආසියාවේ පැතිර යන කොවිඩ් වෛරසයේ ප්‍රභේදයක් වන ඔමික්‍රොන් වෛරසයේ උප ප්‍රභේද දෙකක් මෙරටින් ද හඳුනාගෙන ඇතැයි විශේෂඥ වෛද්‍ය ජූඞ් ජයමහ මහතා සඳහන් කළේය. ඒ මහතා උපදෙස් ලබාදුන් පරිදි අවදානම් කාණ්ඩ හා අනවශ්‍ය බියක් ඇති කර නොගෙන රෝගයෙන් ආරක්ෂා විය හැකි අන්දම මින් පෙර Truthlk වෙතින් අපි ඔබව දැනුවත් කළෙමු.
මේ අතර, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැතිර යන විවිධාකාරයේ තොරතුරු මත පදනම්ව ඉදිරි දින කිහිපය තුළදී සියළු කරුණු අඩංගු චක්‍රලේඛ දෙකක් කඩිනමින් නිකුත් කිරීමට අදාල අංශ වලට උපදෙස් දී ඇතැයි සෞඛ්‍ය අමත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා ප්‍රකාශ කළේ ඉන් එක් චක්‍රලේඛයක් මහජනතාව ඉලක්ක කරගනිමිනුත්, අනෙක් චක්‍රලේඛය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉලක්ක කර ගනිමිනුත් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය්.
එමෙන්ම, ඩෙංගු සහ චිකුන්ගුන්‍යා රෝගීන් වාර්තා වීම මේ වනවිට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ද සෞඛ්‍ය අංශ සදහන් කරයි.
වසරේ මේ දක්වා කාලය තුළ 23,300කට වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 2009 වසරින් පසු පළමු වරට චිකුන්ගුන්යා රෝගීන් ද වාර්තා වීම සැළකිය යුතු මට්ටමකින් ඉහළ අගයක් ගෙන ඇත.
