මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පොපහාර පුදකරමින් මහනුවර මහ නගර සභාව සංවිධාන කළ නිදහස් දින සැමරුම ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවේදී අද (04) සිදු කෙරිණි.
මහනුවර මහ නගර සභාව සෑම වර්ෂයකම පවත්වන නිදහස් දින සැමරුම මෙය වන අතර මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා සහ ඉන්දීය සහකාර මහ කොමසාරිස් සාරන්‍යා වී.එස්. මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ විය.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව මහනුවර හේමමාලී බාලිකා විද්‍යාලීය සංගීත කණ්ඩායම විසින් ජාතික ගීය වාදනය කිරීම සිදුවිය.

නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ ගුණ සැමරුම් ගීතය ද එහිදි ගායනා කිරීම සිදුවූ අතර අනතුරුව එතුමාගේ පිළිරුවට පුෂේපාපහාර දැක්විම ද සිදු කෙරිණි.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, නාථ දේවාලයේ බස්නායන නිලමේ එ.ඩබ්ලිව්.එස්.බණ්ඩාරනායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මහනුවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.


නදීක බණ්ඩාර