නික්කි රණසිංහ
ඩිජිටල් හැදුනුම්පත එළබෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය දැනුම් දෙයි. ඒ සඳහා දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදය සකස් කිරීම මේ වන විටත් අවසන් අදියරට ළඟා වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ඒ සඳහා දත්ත සැපයීමට ජනතාවට පහසුකම් සැපයීමට නියමිත බවත්, ඒ සඳහා ජාලගත සැලැස්මක් සකස් කිරීම මේ වන විටත් සිදුවන බවත් එම අමාත්‍යවරයා පැහැදිලි කළේය.
පළමු අදියරේ දී ඩිජිටල් හැදුනුම්පත සඳහා අයදුම් කරන අයදුම්කරුගේ මුහුණේ හැඩය සහ ඇඟිලි සලකුණු ලබා ගැනීමට නියමිත අතර, දෙවනි අදියරේදී ඇසේ කළු ඉංගිරියාව ද, ජීව දත්ත හැඳුනුම්පතට එක් කිරීමට නියමිත වේ.
මුල් අදියරේදී ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කරන්නේ අලුතින් හැඳුනුම්පත් අයදුම් කරන පුද්ගලයන්ට වන අතර ඉන් අනතුරුව පැරණි හැඳුනුම්පත් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සැලසුම් කරමින් ඇත.
